මිෂනාරි පාසලක් ලෙස අරඹමින් කෙමෙන් දියුණු වූ මේ පාසලේ 1924 දී පමණ මුල්ගුරුවරයා වූයේ ෆොන්සේකා නැමැති මහතෙකි. මෙහි සිසුන් 89ක් පමණ අධ්‍යාපනය ලැබූහ. කාලයත් සමග ගොඩනැගිලි කිහිපයක් ඉදි කලේ ගම් වසීන්ගේ කැප කිරීම මතයි. 1930 දී මෙම විදුහල රජයේ පාසලක් බහට පත්වන විට එක් ස්ථිර ගොඩනැගිල්ලක් තිබූ අතර සිසුන් 200ක් පමණද ගුරුමණ්ඩලය 6ක් ද විය. ඒ අවස්ථාවේදී ප්‍රධානාචාර්ය වරයා වූයේ කේ. ජේ. ස්ටීවන් මහතාය. ඇත්ත වශයෙන්ම ඔහු පාසලේ දියුණුව කරා වැඩි දායකත්වක් සැපයූ මුල් ගුරු වරයෙකි.පසුකාලීනව විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය.






