කදුවලින් වටවූ ග්‍රාමීය පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
1905 දී රම්බඩගල්ල වතුයායේදී චර්ච් මිෂනාරි විදුහලක් ලෙස සිසුන් දහයකින් පමණ ආරම්භ වී එච්. එම්. වොට්ස්ලින් දේවගැතිතුමා යටතේ පාලනය විය. පාසල පවත්වාගෙන යාමට නිසි ස්ථානයක් නොවූ හෙයින් පසුව රම්බඩගල්ල ගුරුස්සේ ගෙදර යන ස්ථානයේ තාවකාලික ගොඩනැගිල්ලක් පවත්වාගෙන යන ලදි. මෙම කතෝලික පාසලට විරුද්ධව ගම් වාසීන් විසින් බෞද්ධ සිසුන් සදහා රම්බඩ්ගල්ල බදුවත්ත නම් ස්ථානයේදී තවත් කුඩා පාසලක් ආරම්භ කලහ. 1924 දී මේ පාසල් දෙකම එක්කොට වර්ථමාන පාසල පවත්වාගෙන යන ස්ථානයේ පවත්වාගෙන යන ලදි.ආරම්භක වීදුහල්පති වූයේ ෆොන්සේකා නැමැති මහතෙකි.මෙහි සිසුන් 89ක් පමණ අධ්‍යාපනය ලැබූහ.
1930 දී මෙම විදුහල රජයේ පාසලක් බහට පත්වන විට එක් ස්ථිර ගොඩනැගිල්ලක් තිබූ අතර සිසුන් 200ක් පමණද ගුරුමණ්ඩලය 6ක් ද විය. ඒ අවස්ථාවේදී ප්‍රධානාචාර්ය වරයා වූයේ කේ. ජේ. ස්ටීවන් මහතාය. පසුව මෙම පාසල කෙමෙන් දියුණූ වූ අතර 1942 දී ජ්‍යෙෂ්ඨ පාසලක් බවට පත්විය. 1950 දී පමණ ස්ථිර ගොඩනැගිලි ඉදිවෙමින් දියුණූ වූ මෙම පාසල 1961 දී මහා විද්‍යාලයක් බවට පත්විය.
පසුකාලීනව විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය. විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය, ජ්‍යෙෂ්ඨ අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, වාණිජ අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර පරිගණක ඒකකය , සංගීත අංශය හා පුස්තකාලය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි. සිංහල භාෂාවෙන් පන්ති ආරම්භ කරමින් අධ්‍යාපනය 1 - 13 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, ශිෂ්‍ය භට, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
වර්ථමානයේ පාසලේ මුල් ගුරුතුමා වන ආර්. යු. කේ. ජයලත් මහතා පාසලේ දියුණුව කෙරෙහි මහත් ප්‍රයත්නයක් දරමින් සිටී. මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 102ක් වන අතර, 1500ක් පමණ වූ ශිෂ්‍ය පරපුරක අධ්‍යාපනය නංවාලීමට ආචාරය මණ්ඩලය, ආදිශිෂ්‍යයන් හා මාපියන් සිදු කරනා කැපකිරීම මෙම පාසලට මහගු ශක්තියකි.
|
ආරම්භ කළ වර්ෂය |
1924 වර්ෂයේ දී |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
නොදනී |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
89 |
|
මුල් ගුරුතුමාගේ නම |
ෆොන්සේකා මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
රම්බඩගල්ල මධ්‍යම මහා විද්‍යාලය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1930 වර්ෂයේ දී |
|
පාසල පැවැත්වූ ස්ථානය |
රම්බඩගල්ල බදුවත්ත නම් ස්ථානයේ |






