පුවත් හා විශේෂ අවස්ථා
වසරක් පාසා පවත්වනු ලබන පාසල් ක්‍රීඩා තරග වලින් සමස්ථ ලංකා තරග ඉසව් දක්වා සහභාගී වීමට වරම් ලැබ තම දක්ෂතා විදහා පෑ අපගේ දිරිය දියණිය හට උපහාර ලෙස රථ පෙලපාලියක් පවත්වන ලදි.
ගුරුවරුන්ගේ දිනය යනු සිසුන්ගේ අධ්‍යාපනය හා සංවර්ධනය සඳහා ගුරුවරුන්ගේ කැපවීම සහ දායකත්වය සැමරීමේ විශේෂ අවස්ථාවකි. යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක ගුරු දිනයට සමගාමීව සෑම වසරකම ඔක්තෝබර් 5 වන දින ගුරු දිනය සමරනු ලබයි.
ළමා දිනය යනු ළමා වියේ ප්‍රීතිය හා අහිංසකත්වය සැමරීමේ විශේෂ අවස්ථාවකි. දරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා හඳුනා ගැනීමටත්, ඔවුන්ගේ යහපැවැත්ම සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් දිනයක් වේ. 2023 ඔක්තෝම්බර් 02 වෙනිදා අප පාසල වන රම්බඩගල්ල මධ්‍ය මහා විද්‍යාලයේ මෙම වැදගත් දිනය නිමිත්තෙන් එහි ගුරුමාපියවරුන් විසින් විශාල සැමරුමක් සංවිධානය කරන ලදී.






