වසරක් පාසා පවත්වනු ලබන පාසල් ක්‍රීඩා තරග වලින් සමස්ථ ලංකා තරග ඉසව් දක්වා සහභාගී වීමට වරම් ලැබ තම දක්ෂතා විදහා පෑ අපගේ දිරිය දියණිය හට උපහාර ලෙස රථ පෙලපාලියක් පවත්වන ලදි.
වසර 18කට පසු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග වලින් 16න් පහල හෙල්ල විසි කිරීමේ ඉසව්ව සදහා සහභාගී වී රන් පදක්කම දිනා ගැනිමින් පාසල කීර්තියක් ගෙන ආ අප පාසලේ ඩබ්. භාග්‍යා ලක්ෂාණී වික්‍රමසිංහ සොයුරිය හට උපහාර දැක්වීම සදහා 2023/11/14 දින උදෑසන 9.00ට රිදීගම නගරයේදී ආරම්භ කල රථ පෙලපාලිය කැප්පිටිගල - කුරුණෑගල මාර්ගය හරහා පාසල වෙත පැමින පාසල් ක්‍රීඩා පිටිය අසලදී අවසන් කරන ලදි. පසුව ඉතා උත්කර්ශවත් ලෙස ලක්ශාණි සොයුරියව පාසල් ක්‍රීඩා පිටියෙහි වේදිකාව මතට පිලිගෙන එහිදී ඇයට උපහාර දක්වමින් උත්සවයක් පවත්වන ලදි.






