- සියලුම දරුවන් නියමිත නිල ඇඳුමෙන් පාසලට පැමිණිය යුතුය.
- පෙ.ව. 07.20 පෙර සියලුම දරුවන් පැමිණිය යුතුය.
- පාසල් වෙලාව නිමවන තෙක් අවසරයකින් තොරව පාසලෙන් බැහැරව නොයා යුතුය.
- පාසලේ ගෞරවය හා අභිමානය ආරක්ෂා වන ආකාරයට පාසල තුළ දී මෙන්ම පාසලෙන් භාහිරව ද හැසිරිය යුතුය.
- පාසල තුළ දී මෙන් ම පාසලෙන් භාහිරව ද කිසිදු කළහකාරි හැසිරීමකට සම්බන්ධ නොවිය යුතුය.
- පාසල තුළ දී මෙන්ම පාසලෙන් භාහිරව ද විනය විරෝදී ව හැසිරීමෙන් වලකින්න.
- ලන්ච් ශීට්, පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන, අයිස්පැකට් පාසලට ගෙන ඒම තහනම්.
- සියලුම ආකාරයේ මත්ද්‍රව්‍ය, දුම්වැටි ආදිය පාසලට රැගෙන ඒම සපුරා තහනම්.
- ගුරු භවතකුගේ අවසරයකින් තොරව ජංගම දුරකතන පාසලට නොගෙන ආයුතුය.
- සපත්තු පැළඳිය යුතු අතර, පාදයේ අබාධයක් ඇති විට කලු සෙරප්පු පමණක් පැළඳිය යුතුයි.
පාසලේ සම්පත් ආරක්‍ෂා කළ යුතුයි. - පාසල නිම වීමෙන් පසු පේළියකට පාසලෙන් බැහැර විය යුතුය.
- පාසල නිමා වීමෙන් පසු නිකරුනේ පාසල අභියස රැඳී නොසිටිය යුතුය.
- විදුහල්පති තුමා, ආචාර්ය මණ්ඩලය හා අනධ්‍යන මණ්ඩලයට කීකරු දරුවකු ලෙස කටයුතු කරන්න.






