නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
E.G.D.P.කරුණාරත්න
සියවසකට අධික කාලයක් පුරා ගුණ නැණ බෙලෙන් යුතු දුවා දරුවන් රැසක් දැයට දායාද කරමින් ඉබ්බාගමුව කලාපයේ කීර්තියටපත් කු/රම්බඩගල්ල මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් නියෝජ්‍ය විදුහල්පති ලෙස සේවය කිරීමට මෙන්ම මෙලෙස සුභාශීංසන එක් කිරීමට ලැබීම මහත් භාග්‍යක් කොට සලකමි. සියලු සංස්තීන්වලට ගරු කරමීන් විවිධ ජනවර්ගවලට අයත් ප්‍රදේශයේ දුවා දරුවන් රැසක් එකම විදු මව් තුරුලතා රදවා ගනිමින් මානව හා භෞතික සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් දැනුම කුසලතා ආකල්ප හා ජීවන පුරුදු වලින් පිරිපුන් අනාගත අභිශේක ජයගත හැකි අභිමානවත් පුරවැසියන් ලෙස දැයට දායාද කරනට අතීතයේ කැපවී ක්‍රියා කළ හා වර්තමානයේ කැපවී ක්‍රියා කරන සියලු පාර්ශවයනට අපගේ ගෞරවණීය ප්‍රණාමය පුද කර සිටිමි.
විදුබිමෙන් එපිට සයිබර් ලොව නිවැරදිව පියාසලා තාක්ෂණය ලොව ජයගෙන අනාගත අභිවෘද්ධිය සලසා ගන්නට කු/රම්බඩගල්ල මැදි විදුහලේ දුවා දරුවන්ට ශක්තිය ධෛර්ය ලැබේවායි සුභාශීංසන පතමු
E.G.D.P.කරුණාරත්න
නියෝජ්‍ය විදුහල්පති
රම්බඩගල්ල මධ්‍ය මහා විද්‍යාලය.






