Incredible performance!

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
දිරිය දියණියට උපහාර

දිරිය දියණියට උපහාර

වසරක් පාසා පවත්වනු ලබන පාසල් ක්‍රීඩා තරග වලින් සමස්ථ ලංකා තරග ඉසව් දක්වා සහභාගී වීමට වරම් ලැබ තම දක්ෂතා විදහා පෑ අපගේ දිරිය දියණිය හට උපහාර ලෙස රථ පෙලපාලියක් පවත්වන ලදි.

වසර 18කට පසු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග වලින් 16න් පහල හෙල්ල විසි කිරීමේ ඉසව්ව සදහා සහභාගී වී රන් පදක්කම දිනා ගැනිමින් පාසල කීර්තියක් ගෙන ආ අප පාසලේ ඩබ්. භාග්‍යා ලක්ෂාණී වික්‍රමසිංහ සොයුරිය හට උපහාර දැක්වීම සදහා 2023/11/14 දින උදෑසන 9.00ට රිදීගම නගරයේදී ආරම්භ කල රථ පෙලපාලිය කැප්පිටිගල - කුරුණෑගල මාර්ගය හරහා පාසල වෙත පැමින පාසල් ක්‍රීඩා පිටිය අසලදී අවසන් කරන ලදි. පසුව ඉතා උත්කර්ශවත් ලෙස ලක්ශාණි සොයුරියව පාසල් ක්‍රීඩා පිටියෙහි වේදිකාව මතට පිලිගෙන එහිදී ඇයට උපහාර දක්වමින් උත්සවයක් පවත්වන ලදි.

 

ඡායාරූප නරඹන්න

Latest News

දිරිය දියණියට උපහාර

වසරක් පාසා පවත්වනු ලබන පාසල් ක්‍රීඩා තරග වලින් සමස්ථ ලංකා තරග ඉසව් දක්වා සහභාගී වීමට වරම් ලැබ තම දක්ෂතා විදහා පෑ අපගේ දිරිය දියණිය හට උපහාර ලෙස රථ පෙලපාලියක් පවත්වන ලදි.

ලෝක ගුරු දින සැමරුම 2023

ගුරුවරුන්ගේ දිනය යනු සිසුන්ගේ අධ්‍යාපනය හා සංවර්ධනය සඳහා ගුරුවරුන්ගේ කැපවීම සහ දායකත්වය සැමරීමේ විශේෂ අවස්ථාවකි. යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක ගුරු දිනයට සමගාමීව සෑම වසරකම ඔක්තෝබර් 5 වන දින ගුරු දිනය සමරනු ලබයි.

 

ලෝක ළමා දින සැමරුම 2023

ළමා දිනය යනු ළමා වියේ ප්‍රීතිය හා අහිංසකත්වය සැමරීමේ විශේෂ අවස්ථාවකි. දරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා හඳුනා ගැනීමටත්, ඔවුන්ගේ යහපැවැත්ම සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් දිනයක් වේ. 2023 ඔක්තෝම්බර් 02 වෙනිදා අප පාසල වන රම්බඩගල්ල මධ්‍ය මහා විද්‍යාලයේ මෙම වැදගත් දිනය නිමිත්තෙන් එහි ගුරුමාපියවරුන් විසින් විශාල සැමරුමක් සංවිධානය කරන ලදී.