ළමා දිනය යනු ළමා වියේ ප්‍රීතිය හා අහිංසකත්වය සැමරීමේ විශේෂ අවස්ථාවකි. දරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා හඳුනා ගැනීමටත්, ඔවුන්ගේ යහපැවැත්ම සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් දිනයක් වේ. 2023 ඔක්තෝම්බර් 02 වෙනිදා අප පාසල වන රම්බඩගල්ල මධ්‍ය මහා විද්‍යාලයේ මෙම වැදගත් දිනය නිමිත්තෙන් එහි ගුරුමාපියවරුන් විසින් විශාල සැමරුමක් සංවිධානය කරන ලදී.
ධජය එසවීමේ උත්සවයකින් සැමරුම් උත්සවය ආරම්භ වූ අතර, අනතුරුව H.M.U.K සමරනායක ගුරු මහතා විසින් නිවේදන කටයුතු අරබමින් උත්සවය මෙහයවූහ. සිසුන්හට ආදර්ශවත් වචන කිහිපයක් කතාකිරීමෙන් අනතුරුව සැමරුම් ආරම්භ කරන ලදි. අනතුරුව ගුරු මෑණියන් සහ පියවරුන් විසින් ගීත, නැටුම් සහ නාට්‍ය වෑනි විවිධ සංස්කෘතික හා කලාත්මක සංදර්ශන ඉදිරිපත් කරන ලදී. අපේම ගුරුවරුන්ගේ සැගවී තිබූ නිර්මණශීලීත්වය සහ කලාත්මක දක්ෂතා දැකබලා ගැනීමට අපට අවස්තාව ලැබුනි. වර්ණවත් ඇඳුම් පැළඳුම්, සජීවී සංගීතය නර්තන මගින් ළමුන් කුල්මත් විය.
ගුරුමාපියවරු විසින් උත්සවයේ අවසානයට පෙර සියලු දෙනාට එක්ව නටමින් සතුටු වීමට අවස්තාවක් සලස දෙන ලදි. සිසුන් සියලු දෙනා නටමින් ගයමින් සතුටු විය. අනතුරුව පාසලේ නියෝජ්‍ය විදුහල්පති ගයානි කරුණාරත්න මහත්මිය සියලු දෙනාගේ සහයෝගය වෙනුවෙන් ස්තුතිය පිරිනැමීමෙන් අනතුරුව සෞභාග්‍යමත් ළමා දිනයක් වේවා යැයි ද ප්‍රාර්ථනා කරමින් උත්සවය අවසන් කළහ. අනතුරුව සිසුන් ජාතික ගීය ගායනා කර සිනාමුසු මුහුණින් විසිර ගියහ.උත්සව දින විශේෂම අංගයක් ලෙස ගුරු සහ ආදිශිෂ්‍ය සහයෝගය යටතේ ළමුන් හට බෝජන සංග්‍රහක් ලබාදෙන ලදි.
මෙම ළමා දින සැමරුම ඊට සම්බන්ධ වූ සැමට සතුට හා ප්‍රබෝධය ගෙන දුන් අමතක නොවන හා අර්ථාන්විත සිදුවීමක් විය. එය තම සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් සහ පරිපූර්ණ සංවර්ධනයක් ලබා දීමට පාසලේ කැපවීම පිළිබඳ සාක්ෂියකි. එය අපගේ අනාගත නායකයින් සහ පුරවැසියන් වන අපේ ජාතියේ දරුවන් ආදරයෙන් රැකබලා ගැනීමේ හා පෝෂණය කිරීමේ වැදගත්කම සිහිපත් කිරීමක් ද විය.






